Saturday, February 14, 2026
Follow Us

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව, එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

පසුගිය මාසවලට සාපේක්ෂ ව එම මාසය තුළ ඩෙංගු රෝගීන් ගේ පහළ යෑමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර පුරෝකථනය කර තිබුණි.

නමුත්, එම මස තුන් වැනි සතිය වනවිට ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඩෙංගු අධි අවදානම් කලාප මේ වනවිට 07ක් දක්වා පහළ ගොස් තිබුණද පවතින වර්ෂාපතනය හමුවේ එය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Dinamina