Tuesday, October 03, 2023
Follow Us
වසර 100 කට වඩා පැරණි යටියන්තොට පාලමක් නවීකරණය ඇරඹේ

වසර 100 කට වඩා පැරණි යටියන්තොට - ගරාගොඩ පාලම නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (16) ආරම්භ කෙරිණි.

ප්‍රවාහන, මහමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මේ සඳහා රු.මි.460 ක ප්‍රතිපාදන මහාමාර්ග අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව විසින් යොදවනු ලබයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් මහතා, රංජිත් සියඹලපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.