Tuesday, October 22, 2024
Follow Us
1984 වරායේ විමසුම් මධ්‍යස්ථානය ජනතාවට විවෘත වෙයි

වරාය හා සම්බන්ධ වන දේශීය හා විදේශීය ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු වන අයුරින් වරාය සේවාවන් පිළිබඳව තොරතුරු ලබාදීමටත් වරායේ ක්‍රියාදාමයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කර ගනිමින් 1984  වරාය විමසුම් මධ්‍යස්ථානය පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ගෝලීය කේන්ද්‍රීය වරායක් ලෙසත්, ජාත්‍යන්තර වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් ලෙසත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියක කොළඹ වරාය නිරත වේ. 

ඒ අනුව මෙම මධ්‍යස්ථානය සතියේ සෑම දිනකම පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා 1984 දරණ  දුරකථනය ඔස්සේ තමන්ට වරායේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

විශේෂයෙන් ආනයන, අපනයනකරුවන් සහ නැව් භාණ්ඩ ඒජන්තවරුන් සඳහා මෙම දුරකථන සේවාව විශාල පහසුවක් වන අතර, වෙළඳ නාවික හා වරාය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන සහ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම 1984 දුරකථන සේවාව පරිහරණය කළ හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එමෙන්ම ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම් කොළඹ 01, ලෝටස් පාරේ නො. 15, කැනල් අංගනයේ පිහිටි වරාය විමසුම් මධ්‍යස්ථානයට  පැමිණ ලබා ගත හැකි වන අතර This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  යන විද්‍යුත්  තෑපැලට යොමු කිරීමෙන්ද ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.