Tuesday, February 24, 2026
Follow Us
සිනමාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඊයේ (31) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම නම් වූ විද්වත් කථිකාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවතියත් සිනමාව එයින් ගිලිහී ඇති බවයි.

 එමෙන්ම රජය හෝ පුද්ගලික අංශය මැදිහත් වී අංග සම්පුර්ණ සිනමා පාසලක් හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බවත් අදහස් දක්වමින් අශෝක හඳගම කියා සිටියේ ය.

Aruna