Wednesday, April 22, 2026
Follow Us
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු පත්වීම් ලබයි

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙන අතර එම මහත්ම මහත්මීහු අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.