Monday, February 23, 2026
Follow Us
ගාල්ලේ දේශගුණික බලපෑම් අවම කිරීමට වැඩසටහනක්

ගාල්ලේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන යටතේ වාරිමාර්ග ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (CresMPA) යටතේ රුපියල් මිලියන 225ක සංවර්ධන ව්‍යාපෘති ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණ.
ආර්ථික අර්බුධය සඳහා කෘෂිකාර්මික අංශය සවිබල ගැන්වීමේ අරමුණින් වාරිමාර්ග ආශ්‍රිත නඩත්තු කටයුතු ,යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් මෙම මුදල් ලබා දීම සිදු කරනු ලැබේ .ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක් තුළ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ .
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය (CResMPA) යටතේ හෝලුවාගොඩ ව්‍යාපාරයේ දිය බස්නා ඇල මාර්ග සහ අතුරු ඇල මාර්ග ශුද්ධ කිරීමේ වැඩ කටයුතු, හෝලුවාගොඩ ව්‍යාපාරයේ හියාරේ වැව වැඩිදියුණු කිරීමේ වැඩ කටයුතු ආදි ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර කටයුතු සිදු කරනු ලැබේ .
මෙම සියලු ප්‍රතිපාදන ගොවි සංවිධාන සමග සම්බන්ධ වෙමින් උපරිම ඵලදායිතාවයෙන් භාවිතය ගැනීමට මෙහිදී සැලසුම් සකස් කෙරිණ .