Monday, February 23, 2026
Follow Us
ගම්මිරිස් ගැටලු සොයා කෘෂි ඇමති රත්තොටට

අඹන්ගඟ කෝරළයේ හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගම්මිරිස් වගාකරුවන්ගේ ගැටලු සොයා බැලිම සඳහා සහ රත්තොට සමුපකාර ග්‍රාමීය බැංකුවට ගම්මිරිස් පිරිසිදු කිරිමේ නව උපකරණ ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තානා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රත්තොට අඹගස්තැන්න ප්‍රදේශයේ පැවත්විණි.

මෙහිදී ප්‍රදේශිය ගම්මිරිස් වගාකරුවන්ට පැවති කාලීන ගැටලු රාශියක් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳව අවශ්‍ය කඩිනම් විසඳම් ඉදිරියේදී ලබාදීමට අපේක්ෂිතය.
සමුපකාර ග්‍රාමීය බැංකුවේ සභාපතිවරයාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අජිතා මානික්‍රම රෝහණ දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සිසිල් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරි මහත්ම මහත්මින් සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයෝ සහ ප්‍රාදේශීය ගම්මිරිස් වගාකරුයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.