Monday, February 23, 2026
Follow Us
පාසල් දරුවන්ගේ පොත් බෑගයේ අධික බර අඩු වෙයි

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සිසුන්ගේ කශේරුකාව සෘජු ව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා කරගැනීමට ද මෙම පාසල් බෑගයේ බර අඩු වීම බලපාන බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.