Monday, February 23, 2026
Follow Us
අස්වැසුම සුබසාධන දීමනා ලබා දීමට බැංකු ගිණුම් විවෘත කරන්න

ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභින්ගේ ගිණුමට සුබසාධන දීමනා ලබාදීම සඳහා බැංකු ගිණුම් විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටී.

අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර, බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සහාය වනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.