Monday, February 23, 2026
Follow Us
රට යන්න හදන කාන්තාවන්ට නිවේදනයක්

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද DS4 ලේඛනය ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
DS4 ලේඛනය නිකුත් කරනු ලබන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා සහ පිළිගත් නොතාරිස්වරයා විසින් සහතික කළ හැකි නම් පමණි.

මීට අමතරව ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන විධිවිධාන පිළිබඳ භාරකරුවන් විසින් සහතික කරන ලියකියවිලි ලබා දීමටද සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.