Monday, February 23, 2026
Follow Us
දුම්රිය හරස් මාර්ගයක් වසා දැමීම ගැන දැනුම්දීමක්

වැලිකන්ද සහ පූනානි දුම්රිය ස්ථාන අතර සැ. 178 දම්. 72 ¼ දරන ස්ථානයේ පිහිටි නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 ජූලි 29 හා 30 වැනි දිනවල අලුත්වැඩියා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙම හරස් මග 2023 ජූලි 29 වැනි දින පෙ.ව. 07.00 සිට ජූලි 30 වැනි දින ප.ව. 4.30 දක්වා වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණ වශයෙන් වසා තැබෙනු ඇත.
මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන හැසිරවීම සඳහා සැ. 178 දම්. 72 ¼ ස්ථානයේ පිහිටි “ 72 ¼ ස්ථානයේ පිහිටි “ 169 කුඹුරු ” මාර්ගය භාවිත කළ හැක.