Tuesday, April 21, 2026
Follow Us
බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් නව වැඩසටහන් මාලාවක්

බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්යමණ්ඩලය ද සහභාගී කරගනිමින් සංස්කෘතික අමාත්‍යංශය ලෙස තවත් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.


ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) වැලිකඩ බන්ධනාගාරයේ දී බන්ධනාගාර රැඳවියන්, බන්ධනාගාර කාර්යමණ්ඩලය එක්ව සංස්කෘතික අමාත්‍යංශය මගින් පැවැත්වූ සංස්කෘතික ප්‍රාසාංගික නර්තන, ගායන, වාදන ඇතුළත් වැඩසටහනට සහභාගි වෙමින්.