Monday, February 23, 2026
Follow Us
විභාග වංචා සිද්ධීන් තුනක් වාර්තා වෙයි

විභාග වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව වෙල්ලස්ස ජාතික පාසල -බිබිල විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය WathsApp මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇත.

නිරීක්ෂක හා ශාලාධිපති විසින් මෙම සිද්ධිය අණාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

එසේම හේනේගම මහා විද්‍යාලය විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂක විසින් සිද්ධිය අනාවරණය කරගෙන ඇත.

සීදූව ද්වි ස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් 5 දෙනෙකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුත් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමේ සිද්ධියක් වාර්තා විය.

ඉහත සිද්ධීන් තුන සම්බන්ධයෙන් විභාග පනත හා අපරාධ නීතිය යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.