Monday, February 23, 2026
Follow Us
මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එකම පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ මවකට සහ දියණියකට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති බවයි.

ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු පැවසීය.

එම පවුලේ පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී ඇති අතර, පසුව සුවය ලබා ඔහු මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

Aruna