Friday, April 26, 2024
Follow Us
ඩෙංගු මර්දනයට අධ්‍යපාන අමාත්‍යාංශයත් එක් වෙයි

මේ වන විට සමාජ අභියෝගයක් ව ඇති ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

අමාත්‍යවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම ඩෙංගු රෝගීන් 40කට ආසන්න ව වාර්තා වන ප්‍රමුඛ පෙළේ පාසල් ද ඇතුළත් ව සිසුන් වැඩි පිරිසක් සිටින කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය හා ඒ අවට සියලු විභාග මධ්‍යස්ථාන පිරිසිදු කිරීමේ කාර්යන්ට පෞද්ගලික ව ම සහභාගී වෙමින් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක් වෙමින් ඒ් මහතා මේ බව සඳහන් ප්‍රකාශ කළේය.

අනතුරු ව ඩෙංගු මර්ධන වැඩසටහන දීපව්‍යාප්ත ව පුළුල් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.