Monday, February 23, 2026
Follow Us
යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය.

කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි.

යොහානි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින අතර ‘ගෝල්ඩන් වීසා’ ඇයගේ කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සහ ගෝලීය පරිමාණයෙන් සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම ඇගයීමට ලක්කරයි.

Lankadeepa