Sunday, February 22, 2026
Follow Us
ත්‍රීරෝද රථවලට අද සිට වෙනසක්

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමට නියමිතයි.

මේ සඳහා සම්පූර්ණ මුල්‍ය ආධාර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)විසින් ලබා දෙන බවත් එම නිසා මෙම නියමු ව්‍යාපෘතියට සම්බන්ධ වන ත්‍රීවිල්හිමියන් 300 දෙනාට වියදමක් නැති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේය.