Sunday, February 22, 2026
Follow Us
කළුතර සිසුවියගේ ඝාතනයේ කරුණු රැසක් හෙළි වෙයි

කළුතර හෝටලයක තුන්වන මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව ඊයේ (09) අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැති ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්ව පවති.

සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බව අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට පොලිසිය හෙළි කරගෙන ඇත.