Sunday, February 22, 2026
Follow Us
ගල්ඔය පාරිසරික වනෝද්‍යානයට නව අංගයන්

ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙකක් විවෘත කිරීම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.


ගල්ඔය පාරිසරික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම මගීන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පෙරළියක ඇති කළ හැකි බව අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙහි දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය කෘතවේදී බව ප්‍රකාශ කළ අමාත්‍යවරිය එම නිලධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව ද පැවසුවාය.