Sunday, February 22, 2026
Follow Us
මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් ගැන සාකච්ඡාවක්

මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වෙසෙන ප්‍රදේශ තෝරා ගෙන එම දරුවන් සඳහා පෝෂණය සහිත බිස්කට් ආහාර වේලක් නොමිලයේ ලබාදීම පිළිබඳව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය හා සිලෝන් බිස්කට් ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දිර්ඝ කාලීනව මෙම බිස්කට් ලබාදීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටත්, ජුනි මාසය අවසන් වීමට පෙර මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සිලෝන් බිස්කට් (මන්චි) ආයතනය සමග එකඟතාවයකට පැමිණිමට හැකි වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.