Saturday, July 04, 2026
Follow Us
හදිසි ජලසැපයුම් අත්හිටුවීමක්

අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළය බිඳ වැටීම හේතුවෙන් අද (28) රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම් අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කෝට්ටේ සහ කඩුවෙල නගරසභා බලප්‍රදේශ, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ, කොළඹ 04, 05, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.