සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු 07 දෙනෙකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම පිරිස 22 කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක් පිරිස වන්නේ ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරාවේ ජිනරතන හිමියන් සහ ජගත් මනුවර්ණයි. ඔවුන් අද දහවල් මරදාන පොලීසියට භාරවූ අතර අනතුරුව පොලීසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනුණා. එම පිරිස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.
ඉකුත් 09 වනදා සහ 10 යන දිනවල කොටුව සහ තලංගම යන ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් එම පිරිස ඇතුළු තවත් දෙදෙනෙකු වරෙන්තුකරුවන් ලෙස නම් කර තිබුණා. කෙසේවෙතත් එලෙස වරෙන්තු ලැබ සිටි පූජ්‍ය ගල්වැවේ සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දිනයේ පොලීසියට පැමිණ සිටියේ නැහැ.
Neth