බහු විවාහා පනත හදා සමාජ මාධ්‍ය දැමූවට ඇමැතිට තද වෙලා
එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් සමාජ මාධ්‍ය ජාල කලඹමින් හුවමාරුවෙමින් පවතී.
මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.මේ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වනවා.මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන් එම පනත් ලේඛනයේ දැක්වෙයි.
එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙම පනත තුළින් බලය පැවරෙනුයේ පුරුෂයකුට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්න මෙහි පළමුවෙන්ම සඳහන් වේ.
එක් විවාහක පුරුෂයෙක් දෙවෙනි කාසාදයක් කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ දෙවෙනි කාන්තාව අවිවහක වියයුතුය.
තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය ඇත.තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන් මෙහි හයවෙනි යෝජනාවේ සඳහන් වේ.
ව්‍යාකරණ දෝෂ සහ යථාර්ථවාදී නොවන සැක උපදවන මේ ආකාරයේ යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.
කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ අමාත්‍යවරයා විසින් 2021 නොවැම්බර් 19 වන දින ඉදිරිපත් කරන ලද බවට හැඟවෙන ලෙස සකස් කර ඇත.
මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවත් ඒ ආකාරයේ කිසිදු සූදානමක් හෝ එවැනි කිසිදු පනත් කෙටුම්පතක් මේ දක්වා ඉදිරිපත් කර හෝ එලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැති බව එහිදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක සඳහන් කරයි.
මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
(Aruna)