විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ජේ.ඒ කුමාර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් පසුගිය 29 වන දින නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී සිටියේ
රට තුල සීග්‍රයෙන් පැතිරී යන නව කොවිඩ් 19 වෛරස ප්‍රභේද හේතුවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් ප්‍රමාණය සීමාව ඉක්මවා වාර්තා වීමත් සමඟ මේ වන විටත් රෝහල්වල
දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී අවසන් බව එම සංගමය පෙන්වා දෙන අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “නියත ප්‍රතිකාරයන් නොමැති කොව්ඩ් රෝගය සුව වනතුරු
රෝගීන් ජීවත් ව තබා ගැනීමට විශාල ලෙස ඔක්සිජන්වල අවශ්‍යතාවයක් තිබෙන බවයි.”මේ වන විට රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
(Lanka Leads)