හෝමාගම තලගල , ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. එම ගිනි ගැනීම නිසා දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා කරුවන් සඳහන් කරයි.
ගින්න මැඩලීම සඳහා හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.
ගින්නට හේතු වූ කරුණ මෙතෙක් හෙළි වී නොමැති අතර මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.
මේ අතර මොරගහහේන, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක ද හදිසි ගින්නක් හටගෙන තිබූ බව පොලීසිය සඳහන් කර තිබේ.
අදාළ ගිනිගැනීම හොරණ හා කළුතර ගිනි නිවීමේ ඒකක ගෙන්වා ගින්න මැඩපවත්වා තිබෙන බව පොලීසිය සඳහන් කරයි. එම ගිනි ගැනීමෙන් දේපළ හානි පමණක් සිදුව ඇත.
රක්වාන නගරයේ කඩසාප්පු කිහිපයක ද ගිනි ගැනීමක් සිදුව ඇති අතර එමගින් තෑගි භාණ්ඩ හා රෙදි කඩසාප්පු 4කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ. එමගින් පුද්ගල හානි කිසිවක් සිදුව නැති අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා ඇත.
(Aruna)