Monday, July 07, 2025
Follow Us
බන්ධනාගාරවල ආසාදිතයන් 246දෙනෙක්

බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කර තිබේ.

මේ වන විට බන්ධානාගාරවල කොවිඩ් ආසාදිතයින් 246දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා සඳහන් කර ඇත.

එසේම බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදුකෙරෙන බවත් ඔවුන්ව වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමුකරන බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)