Monday, July 07, 2025
Follow Us
හෝටල් සාද සහ රාත්‍රී සමාජශාලා රාත්‍රී 10ට පසු තහනම් - යුද හමුදාපති

හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු පැවැත්වීම තහනම් බවත් මෙම නීතිය අද සිට ඉදිරි සති 02 ක කාලය සඳහා බලපැවැත්වෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් භාන්ඩ මිලදී ගැනීමට වෙළෙදසැල් තුලට ජනතාව යෑමේදී ඔවුනොවුන්ගේ ශාරීරික දුරස්ථභාවය තබා ගත හැකි පරිදි කටයුතු කරනලෙසත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෙළෙදසැල් හිමියන්ගෙන් ද ඉල්ලා සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)