පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වලින් කොවිඩ් 19 ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදු කළ පි.සි.ආර් පරීක්ෂණ 610කින් රෝගීන් 122දෙදෙනෙකු හඳුනා ගෙන ඇත.
ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
එකම පවුලේ සාමාජිකයින් තුල වෛරසය බෝ වීම වැඩි වී ඇති බව දක්නට ලැබෙන බව ඒ මහතා සඳහන් කරයි.
පුද්ගලයින් 450කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි
(Aruna)