Monday, July 07, 2025
Follow Us
කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසුවේ පසුගිය දිනක රැඳවියන් හතළිස් දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (29) රාත්‍රීයේ ලැබුනු බවත්, ඉන් ඒ බව තහවුරු වූ බවයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

(Aruna)