මේ වනවිට මෙරට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ තත්ත්වය තවත් මාස 03 ක පමණ කාලයක් පවතිනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. මෙම සති අන්තය වනවිට මෙරට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම උපරිම මට්ටමට ළගා වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පුරෝකතනය කර ඇත්තේ. අනතුරුව ක්‍රමානුකූලව මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කරනවා.
මේවනවිට මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව ඉකුත් අළුත් අවුරුදු සමයේදී ජනතාව පාලනයකින් තොරව සිදුකළ සාප්පු සවාරි, සැනකෙළි, උත්සව සහ විනෝද චාරිකා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. සූදු පොලවල් සහ අවුරුදු උත්සවවලට සහභාගී වු පුද්ගලයින් අතරින් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අංශ පැවසුවා.
රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් 10,000 ක් පමණ මේවනවිටත් සෞඛ්‍ය අංශ හා යුද්ධ හමුදාව එක්ව සූදානම් කර තිබෙනවා. රෝගීන් සඳහා අවශ්‍ය වෙතැයි අපේක්ෂිත ඔක්සිජින් ප්‍රමාණයට වැඩි සංචිතයක් මේවනවිටත් මෙරට තුළ පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට අවශ්‍ය පාලන රෙගුලාසි රජය විසින් මේවනවිටත් ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේවෙතත් ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදය මෙතෙක් මෙරටින් හමුවී නැහැ. මෙරට තුල ක්‍රියාත්මක කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණ වැඩසටහන සාර්ථක බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.
(Neth)