Monday, July 07, 2025
Follow Us
මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල වහයි

වාද්දුව මොල්ලිගොඩ පිහිටි දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගියෙකුට කොවිඩ් 19 විරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ වාද්දුව මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල සහ පංචකර්ම මධ්‍යස්ථානය අද(28)දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී.එස්. සේනානායක මහතා පවසයි.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ පිරිමි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකුට වන අතර ඔහුට ප්‍රතිකාර කල කාර්යමණ්ඩලයේ සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර රෝහල විෂබීජහරණය කළ බව වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී.එස්. සේනානායක මහතා පවසයි.

(Aruna)