මෙරට රෝහල්වලට ඔක්සිජන් ලබාදෙන ආයතන සමග අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ, රෝහල්වලට ඔක්සිජන් ලබාගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රමවත් කිරීම සදහායි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේ කිසිදු හිඟයකින් තොරව අදාළ ආයතන මේ වනවිට මෙරට රෝහල් සදහා අවශ්‍ය ඔක්සිජන් ලබාදෙන බවයි. ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට වුවද එම ආයතනවලට හැකි බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
මේ වනවිට රට තුළ පැතිර යන කොරෝනා ප්‍රභේදයේ ප්‍රබලත්වය හේතුවෙන් රෝග ලක්‍ෂණ උත්සන්න වන පුද්ගලයින්ට ඔක්සිජන් ලබාදීම අත්‍යවශ්‍යවීමේ තත්ත්වයක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙරට ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම ස්වසන ආධාරක යන්ත්‍ර ප්‍රමාණවත් ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට බොහෝ දෙනා මත පළ කරමින් සිටිනවා.
(Neth)