Monday, July 07, 2025
Follow Us
රටේ පැතිරෙන කොරෝනා ප්‍රභේදය හඳුනා ගැනේ

රට තුළ මේ වනවිට පැතිර යමින් ඇති කොරෝනා වෛරසයේ ප්‍රභේදය කුමක් දැයි නිශ්චිතව හදුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, රටේ පැතිරෙන කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින්ගෙන් ලබාගත් සාම්පල ආශ්‍රිතව දිගින් දිගටම සිදුකල පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුවයි.

මෙම පරීක්‍ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊට අදාළ විශේෂ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වීමටයි කටයුතු කර තිබුණේ. ඒ, මේ වනවිට රටේ පැතිර යන වෛරස් ප්‍රභේදයේ ප්‍රබලත්වයද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් ජෛව සාම්පල යොදා ගනිමින් විශේෂ පී සී ආර් පරීක්ෂණ ද ඒ යටතේ සිදු කෙරුණා.

මේ පිළිබද පරීක්ෂණ සිදු කල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දරගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ වෛරස් කාණ්ඩය කුමක් දැයි මේ වනවිට තහවුරු කර ගෙන ඇති බවයි. එහි සම්පූර්ණ වාර්තාව අද දිනයේ නිල වශයෙන් නිකුත් කරන බවද ප්‍රකාශ කෙරුණා.

මේ අතර ඇතැම් පාර්ශව මත පළ කරන්නේ මේ වනවිට රටේ පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදය බි්‍රතාන්‍යයේ හෝ ඉන්දියාවේ පැතිරෙන වෛරස් ප්‍රභේදයට සමාන විය හැකි බවයි. ඒ, අදාළ රටවල ආසාදිතයින්ගේ රෝග ලක්‍ෂණ හා සංසන්දනය කරමින්.

මේ වනවිට රටේ පැතිර යන වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා.

රට තුළ පැතිර යන වෛරස් ප්‍රභේද ඛාණ්ඩය මීට පෙර පැතිර ගිය වෛරස් ප්‍රභේදයට වඩා සීග්‍රයෙන් පැතිර යන බවටයි වෛද්‍ය විශේෂඥයින් මේ වනවිටත් මත පළ කර ඇත්තේ.

(NEth)