Monday, July 07, 2025
Follow Us
කොරෝනාවෙන් බේරෙන්න දරුවන් නිවසේම රඳවාගන්න

සැලකිය යුතු දරුවන් පිරිසක් මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය මව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මේ වන විට දිවයිනේ සියලුම පාසල් හා උපකාරක පන්ති නිවාඩු දී ඇති බැවින් අනවශ්‍ය ගමන් බිමන් යාමට ඉඩ නොදී නිවෙස තුළම දරුවන් රඳවා ගන්නා ලෙසත්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මව්පියන්ට දැනුම් දී සිටියි.

දරුවන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත රැගෙන යෑමට කටයුතු කරන ලෙසද ඇය දැනුම් දේ.

විශේෂයෙන්ම හැකි හැම විටම දරුවන්ගේ දෑත් සබන් ගා සේදීමටත්, නිවසින් බැහැරවන සෑම විටකම මුව ආවරණය නියමිත පරිදි පලඳින ලෙසට දරුවන්ව දැනුවත් කරන ලෙසත් ඇය මව්පියන්ගෙන් ඉල්ලීම් කරයි.

(Aruna)