Monday, July 07, 2025
Follow Us
විනෝද චාරිකා ගිය ආසාදිත පිරිස වැඩිවෙන ලකුණු

අලුතින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරය ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ තීරයේ විනෝද චාරිකා හා වන්දනාවේ ගිය අය බව දැනට කෙරෙන විමර්ශනවලදී තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ වාර්තා, දුරකථන ජාල පරීක්ෂණ හා සීසීටීවී දර්ශන මගින් මේ බව අනාවරණ වී ඇතැයි කොවිඩ් කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.

දැනට ආසාදිතයන් සේ වාර්තා වෙමින් ඇත්තේ අලුත් අවුරුද්දට පෙර සංචාරවල නිරත වූවන් බවත්, ඉදිරි දින කිහිපය තුළ අලුත් අවුරුද්දෙන් පසුව සංචාර කළ පුද්ගලයන් තවදුරටත් ආසාදිතයන් ලෙස බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

(Aruna)