Saturday, February 07, 2026
Follow Us
වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් 30 දක්වා වසා තැබීමට පියවර

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පසුගිය දා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා එකසිය හතක් අතුරින් පී.සී.ආර් පරීක්ෂණ පනස් තුනක වාර්තා
ඊයේ පස්වරුවේ දී සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබෙනවා.



එම වාර්තා පනස් තුනෙන් පුද්ගලයන් හතලිස් හය දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් පස් දෙනෙකු ද මේ වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබීම නිසා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස තිස් වනදා දක්වා වසා තැබීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලදාරින් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම නිසා අද උදෑසන ප්‍රදේශයේ පාසල් අවට ජන ශුන්‍යය ස්වාභාවයක් ගත් අතර නගරයට පැමිනෙන ජනතාවගේ ද අඩුවක් දක්නට ලැබෙනවා.

(Neth)