Saturday, February 07, 2026
Follow Us
දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව : ඊයේ දිනයේ 997ක් !

ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 997ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් 944 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 8 දෙනෙකු සහ විදෙස් රටවලින් පැමිණි 45 දෙනෙකු සෙසු ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙය එක් දිනයක් තුළ ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන අතර මීට පෙර වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 976ක් වාර්තා වී තිබුණේ 2020 පෙබරවාරි 09 වනදාය.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 997 දෙනාත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7152ක් වේ.

(LNW)