Monday, July 07, 2025
Follow Us
කිසිදු හේතුවක් මත මහජනතාව එක් රැස්වන ස්ථානවලට සහභාගී වීමෙන් වලකින්න : සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි

ඉදිිරි කාල සීමාව තුළ කිසිදු හේතුවක් මත මහජනතාව එක් රැස්වන ස්ථානවලට සහභාගී වීමෙන් වලකින්නැයි සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් යලි ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම.

මේ අතර නුවරඑළිය මහනගර සභාව එහි සේවකයින් වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඉකුත්දා අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් වෙතයි. නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ පැවති මෙම අවුරුදු උත්සවයේදී නගර සභාවේ සේවකයින්ට දිවා ආහාරය මෙන්ම මත්පැන්ද ලබා දී ඇති බව අනාවරණ වුණා. අදාල පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ.

(Neth)