මෙරට තුළ සිඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරස් ප්‍රභේදය හදුනාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් අද දිනයේ විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලැබුනු ජෛව සාම්පල යොදා ගනිමින් විශේෂ පී සී ආර් පරීක්ෂණ අද දිනයේ සිදු කරන බවයි.
රටතුළ පැතිර යන වෛරස් ප්‍රභේදය හදුනා ගැනීම සඳහා අද දිනයේ ආරම්භ කෙරෙණ තවත් විශේෂ පරීක්ෂණයක් පිළිබඳවද වෛද්‍ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.
(Neth)