තම පුත්‍රයකුගේ උපන්දින සාදයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනෙකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට පත්ව තිබේ.
එම සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව සඳහන් ය.
අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලීසිය බාරයට ගෙන ඇත.
වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මත වැටලීම කර තිබෙන අතර ඉහල මාලයේ වේගරිද්ම සංගීතයට අනුව පිරිසක් නර්තනයේ යෙදී ඇත . අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පනයකරමින් සිට තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
සැකකාර 42හැවිරිදි ජාත්‍යන්තර පාසල් ගුරුවරිය සමග වයස අවුරුදු 18ත් 23ත් අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන ඇත.
තරුණ තරුණියන් පිරිස දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය සඳහන් කරයි.
(Aruna)