Saturday, March 28, 2026
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 793ක් සහ මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 793 දෙනෙකු හදුනා ගැණුනා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 1,379 ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයින් 94,311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,424 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා මරණ 2 ක් වාර්තා වූ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 644 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(Neth)