Saturday, February 07, 2026
Follow Us
නිරෝධායන රීති කැඩූ 149 දෙනෙකු බස්නාහිරදී අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් 149 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදීයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව එම මෙහෙයුම සිදුකර තිබෙනවා.

බස්නාහිර පළාත තුළ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

(Neth)