Saturday, February 07, 2026
Follow Us
අනුරාධපුර ශික්ෂණ රෝහලේ PCR 3000ක් හිරවේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් පී.සී.ආර්. සාම්ප

ල 3000ක් ගොඩ ගැසී ඇති බව වාර්තා වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබුණු සාම්පල 1000ක් සහ වෙනත් දිස්ත්‍රික්කවලින් ලැබුණු සාම්පල 2000ක් එලෙස ගොඩගැසී තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පිට පළාත්වලින් සාම්පල භාරගැනීමද නතර කර ඇත. මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමටද පියවර ගත් බව අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණරත්නගෙන් විමසීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය.

(Aruna)