Saturday, February 07, 2026
Follow Us
එන්නත් ගෙන මෙරටට පැමිණෙන අය නිරෝධායනයෙන් නිදහස්

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන්නේනම් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බව කොවිඩ් 10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි ඔහු කියා සිටියේ එලෙස පැමිණෙන පුද්ගලයින්ගේ පී සී ආර් පරීක්ෂණ පමණක් සිදු කරන බවයි.

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වුණා. ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 218ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 129 දෙනෙක්, කළුතරින් 147ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 150 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

(Neth)