Saturday, February 07, 2026
Follow Us
මගී බස් රථ වලට දැනුම් දීමක්

මගී බස් රථ ධාවනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එබැවින් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමුකළ යුතු බවත් දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

(Aruna)