Saturday, February 07, 2026
Follow Us
නුවරඑළියේත් සංචාරය නොකරන්නැයි දැනුම්දීමක්

අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු කියාසිටියේ ඉකුත් දිනවල නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස් සෞඛ්‍ය නීිති කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර මෙම කාලසීමාවේදී අනුරාධපුරයේ අටමස්ථානය වන්දනා කිරීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙසද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කළා. අවදානමක් පවතින බැවින් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය උපරිම දායකත්වය ලබාදිය යුතු බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

(Neth)