Saturday, February 07, 2026
Follow Us
පිළියන්දල 87දෙනෙකුට කොවිඩ්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් අසූ හත් දෙනකු ඊයේ (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

ඇරැව්වල, බෝකුන්දර, ගොරකපිටිය, රත්මල්දෙනිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

එම ආසාදිතයින් අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද සිටින බව ද වාර්තා වෙයි.

හඳුනා ගත ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි

(Aruna)