Saturday, February 07, 2026
Follow Us
අටමස්ථාන වන්දනාවේ එන්න එපා

උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඉදිරි දින තුන තුළ අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා නොපැමිණෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

අනුරාධපුර නගරයේ ඇතුළු උතුරු මැද පළාත තුළ ගිය වසරේදීත් කොවිඩ් රෝගය පැතිර ගියේ පිට ප්‍රදේශවලින් ආ පිරිස් නිසා බව ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

එම හේතුවෙන් බක් පොහොයත් සමඟ යෙදෙන දීර්ඝ සති අන්තය තුළ වන්දනාවේ පැමිණෙන පිරිස වැඩි වුවහොත් රෝගීන් ගණන විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ පවතින හෙයින් මෙලෙස බැතිමතුන් සීමා කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පවසයි.

(Aruna)