Sunday, July 06, 2025
Follow Us
මෙරට නව ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල වෙනසක්

මෙරට දිස්ත්‍රික්ක 04 කින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගලයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 192 දෙදෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් බැහැර අනෙකුත් ප්‍රදේශවලින් වීම විශේෂත්වයක්.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයෙන් 36 දෙනෙකු, පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් 21 දෙනෙකු, කැස්බෑව ප්‍රදේශයෙන් 20 දෙනෙකු, මිරිහාන ප්‍රදේශයෙන් 14 දෙනෙකු හා මුල්ලේරියාව ප්‍රදේශයෙන් 13 දෙනෙකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ දිවුලපිටිය ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 29 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 64 දෙනා අතරට දකුණු කළුතර ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 23 දෙනෙකු හා බේරුවල ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 21 දෙනෙකු අයත්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හා උඩුබද්දාව ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණා.

ඊට අමතර අනුරාධපුරය ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු හා හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනෙකු ද ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ෂෘ්‍ය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ හදිසියේ දෛනික රෝගීන්ගේ වැඩිවීමක් සිදුවීමට බලපෑ හේතු සොයා බැලිය යුතු බවයි. ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක බව ද ඔහු පැවසුවා.

මේ අතර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව වාරියපොල, කුඹුක්ගැටේ පොලිස් වසමේ නිරාවිය ග්‍රාම සේවා වසම හුදෙකලා කෙරුණා.

මීට අමතරව වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාමසේවා වසම ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. කුලියාපිටිය පොලිස් වසම ඊයේ හුදෙකලා කෙරුණා.


(Neth)