මේවනවිට රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව IDH රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. එය වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නෙත් නිවුස් වෙත පැවසුවේ.
ජනතාව තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය නොකර කටයුතු කරන්නේ නම්, විදෙස් රටවල සේ මෙරට රෝහල් පද්ධතියට ද රෝගීන්ගේ ධාරිතාව දරාගත නොහැකි වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ
මේවනවිට රට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ වැඩි බලපෑම තරුණ ප්‍රජාවට ඇති බවයි සෞඛ්‍ය අංශ දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ.
(NEth)